කොවිඩ් මර්දන එන්නත් ශරිරියට අහිතකර බවට ඇතැමුන් කරන ප්‍රකාශ පදනම් විරහිත බවත් ඒවාට නොරැවටි එන්නත් ලබාගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
මෙරට ලබාදෙන එන්නත් වර්ග ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙන්ම ලෝකය පුරා සිදු කළ පර්යේෂණවලින්ද අනුමත කළ ඒවා බැවින් ඒවා ලබාගැනිම සම්බන්ධයෙන් බිය විය යුතු නැතැයිද වෛද්‍යවරයා සඳහන් කළේය.