බැංකුගත කිරීමට තමන් රැගෙන ආ රුපියල් ලක්ෂ 23 ක මුදලක් හා චෙක් පතක් කිසියම් පිරිසක් විසින් කොල්ලකා පලා ගිය බවට අසත්‍ය පැමිණිල්ලක් කළ අයෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙයියන්තුඩුව ප්‍රදේශයේ සමාගමක විධායක නිලධාරියෙක්.
සැකකරු සිය මුදල් සහිත බෑගය පැහැර ගැනීමට පුද්ගලයින් දෙදෙනෙකු මුදල් දී යොදවා ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.