පේදුරුතුඩුව පොලිස් වසමේ පුලෝලි දකුණ ප්රදේශයේ පදිංචි පිරිමි දරුවෙකු 2026.06.12 දින රාත්රී අතුරුදන් බවට පේදුරුතුඩුව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
සිදුකල විමර්ශනයේදී මෙම අතුරුදන් දරුවාගේ මළ සිරුර නිවස ආසන්නයේ ළිඳක තිබී සොයා ගෙන ඇත. මියගිය දරුවා වයස අවුරුදු 06ක් වූ පුලෝලි දකුණ ප්රදේශයේ පදිංචිකරුවෙකි. පේදුරුතුඩුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.