දිය නෑම සඳහා යොදා ගෙන තිබූ පැරණි ළිදකට වැටී වයස අවුරුදු තුනක ළදැරියක් ඊයේ (01)සවස ජීවිතක්ෂයට පත් වූ බව බියගම පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මල්වාන වල්ගම කරුදුවත්ත ප්රදේශයේ පදිංචි කේ.පී.ඩිමාෂි ජනිත්මා මධුසංක නැමැති අවුරුදු තුනක දියණියකි.
ඇසළ පුර පසළොස්වක පෝය දින පන්සල් යාමට මව සූදානම් වී සිය දියණියට කථාකළද දියණිය කථානොකළ නිසා ඇය සොයා බැලීමේදී ගෙවත්තේ කෙළවර පිහිටි තාවකාලිකව ආවරනය කර තිබූ අඩි පහක් පමණ ගැඹුරු දැනට භාවිතා නොකරන ජලයපිරි ළිදට වැටී මියගොස් තිබියදී හමුවී ඇත.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි බියගම හදිසි මරණ පරීක්ෂක හර්ෂජිත් ගුණසේකර මහතා හදිසි මරණ පරීක්ෂණය පවත්වා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (02) රාගම රෝහලේදී පැවැත්වීම කටයුතු යොදා තිබුණි.