අවුරුදු කන්නත් අත්‍යාවශ්‍ය ආහාර ණයට ගන්න යයි
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය හා ඉදිරි මාස සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාව ණය මාර්ග දෙකක් පිළිබඳව අවධානය යොමුකර තිබේ. මේ අනුව ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණය පහසුකමක් හා ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 200 ක ණය පහසුමකට පිවිසීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ‘සන්ඩේ ටයිම්ස් පුවත්පතට‘ පවසා ඇත්තේ සහල්, පරිප්පු, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට හැකි වන අයුරින් මෙම ණය මාර්ග දෙක පිළිබඳව භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සාකච්ඡා කරන බවයි.
“මාස හයකට පමණ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා ණය මාර්ග දෙක ප්‍රමාණවත්” ඔහු පැවසීය.
ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන ණය මාර්ගය ප්‍රධාන වශයෙන් පරිප්පු සහ බාර්ලි මිලදී ගැනීම සඳහා වන අතර ඉතිරිය අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා භාවිතා කළ හැකි අතර ඉන්දියානු ණය පහසුකම ලූනු, අර්තාපල්, පරිප්පු සහ ඖෂධ ආනයනය ආවරණය කරයි.
popular news
-
dayan Sunday, 06 February 2022 11:09 AM
Real beggers. No any plan vision or even an attempt to get out of the problem. Ministers are idiots. Always looking forward to import and get the commission.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

