අවුරුදු 60ට වැඩි අය නිවසේම ඉන්න
වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කොරෝනා ආසාදන අවදානම ඉතා ඉහළ බව ශ්‍රී ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසයි.
දියවැඩියාව, අධිරුධිර පීඩනය, ඇදුම, පිළිකා වැනි රෝග වැළඳී ඇති වැඩිහිටියන්ටත්, දුම් බීම සහ මත්පැන් පානය වැනි අයහපත් පුරුදු සහිත වැඩිහිටියන්ටත් කොරෝනා ආසාදනය වුවහොත් සංකූලතා හෙවත් බරපතල තත්ත්වයට පත් වීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙන බවත්, එබැවින් මෙම අවදානම් සමයේ අවු: 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් නිවසේ ම රැඳී සිටීම අත්‍යවශ්‍ය බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
එසේම, නිවසේ අනෙක් සියලු දෙනා, විශේෂයෙන් අත්‍යවශ්‍ය කටයුතු සඳහා නිවසින් පිටතට යාමට සිදුවන පුද්ගලයින් තම ආරක්ෂාව සනාථ කර ගනිමින්, නිවසට පැමිණි පසු වැඩිහිටියන් අසල ගැවසීමෙන් වැළකීම සහ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් වගකීමෙන් යුතු ව වැඩිහිටියන්ව ද ආරක්ෂා කරගැනීම පිළිබඳ ව විශේෂ අවධානය යොමු කළ යුතු බව ද, වෛද්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.
popular news
-
Don Sunday, 29 March 2020 11:57 AM
කාර්ය සාධක අංක වලට කතා කරාම අපි නම් එළවලු, මාළු ලොරි ඇහින්වත් දැක්කේ නෑ. පණිවිඩය ග්‍රාම නිලධාරිනිය දක්වාම ගියාම ඇය කතාකරලා කිව්වා අද ලොරි එනවා බලන් ඉන්න කියල.අදත් නැහැ.එය ටෙලිෆෝන් අංක කිහිපයක් SMS කරලා තිබුනා, එකක්වත් පිළිතුරු දුන්නේ නෑ.මගේ ළඟ ඔක්කොම සාක්ෂි තියෙනවා. COVID නිසා නෙවි මිනිස්සු මැරෙන්නේ, ආහාර නැතිව, බඩගින්නේ.කාර්ය සාධනය අනර්ගයි..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

