අවුරුදු 16ට අඩු ළමුන් ස ඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අවධානය යොමුව ඇති බව අග්‍රාමාත්‍ය හරින් අමරසූරිය මහත්මිය පැවැසීය.
විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා යෙමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව පැවැසීය.
මේ ස ඳහා අදහස් හා යෝජනා ලබා ගැනීමට විවිධ පාර්ශව සමග සාකච්ඡා පවත්වා ඇති බවද අග්‍රාමාත්‍යවරිය පැවැසීය.
මේ ස ඳහා ජාතික මාර්ගේපදේශ ඇති කිරීමට කටයුතු කරමින් පවතින බවද ඇය ස ඳහන් කළාය.
අවුරුදු 18ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය ඇබ්බැහිවීම් අවම කිරිම වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති නියමු ව්‍යාපෘති සාර්ථක වී ඇති බවද ඇය පැවැසුවාය.