අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය භාවිතය ප්‍රංශය තහනම් කරයි
2027 ජනවාරි මාසයේ සිට වයස අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරන නීතියක් ප්‍රංශ පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති අතර, ඒ අනුව තරුණ පිරිසට එම වේදිකා වෙත පිවිසීම අවහිර කරන පළමු යුරෝපීය රට බවට ප්‍රංශය පත්වේ.
මෙම නීතිය යටතේ ප්‍රංශයේ සිටින සෑම කෙනෙකුටම සමාජ මාධ්‍ය වෙත පිවිසීම සඳහා තම වයස තහවුරු කිරීමට සිදුවනු ඇත. ළමුන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳව පවතින කනස්සල්ලට ප්‍රතිචාර වශයෙන් එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය ද ඒ හා සමාන සීමා පැනවීමට කටයුතු කරමින් සිටින පසුබිමක මෙම පියවර ගෙන තිබේ.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් මෙම පියවර සාදරයෙන් පිළිගෙන ඇති අතර, තම දශකයක ධුර කාලය අවසන් වීම සනිටුහන් කරමින් මෙම නීතිය හඳුන්වා දෙන බවට ඔහු මීට පෙර පොරොන්දු වී තිබුණි.
මෙම නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව ඇතැමුන් සැක මතු කළ ද, වයස තහවුරු කිරීම සඳහා යොදා ගන්නා මාර්ගගත (online) මෙවලම් ඵලදායී සහ ආරක්ෂිත බව රජය අවධාරණය කරයි.
වාමාංශික පාර්ශ්වයන්ගෙන් ඇතැම් විවේචන එල්ල වුවද, ප්‍රංශ සෙනෙට් සභාව සහ ජාතික සභාව යන ආයතන දෙකම අඟහරුවාදා මෙම තහනම සම්මත කර ගත්හ.මෙය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කෙරෙනු ඇත:
සැප්තැම්බර් මාසයේ සිට, වයස අවුරුදු 15ට අඩු අයට ගිණුම් ආරම්භ කිරීමට නොහැකි වන අතර සියලුම නව ගිණුම් සඳහා වයස තහවුරු කිරීම අනිවාර්ය වනු ඇත.2027 ජනවාරි මාසයේදී මෙම රීතිය දැනට පවතින සියලුම ගිණුම් සඳහා ද අදාළ වනු ඇත; එනම් සමාජ මාධ්‍ය භාවිත කිරීම සඳහා ප්‍රංශයේ සිටින සෑම කෙනෙකුටම තමන් වයස අවුරුදු 15ට වැඩි බව ඔප්පු කිරීමට සිදුවනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
