දරුවන් අතර ඇතිවූ ආරාවුලකින් පසු 14 හැවිරිදි දරුවෙකුට දත් දෙකක් කැඩෙන්නට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පයාගල පොලිසිය පරීක්ෂණ පවත්වයි .
පහරකෑමට ලක්ව ඇත්තේ හල්කඳවිල දූවගොඩ ප්රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහු මේ වනවිට කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත .
දරුවාගේ මව වන සන්දරා නැකතිගේ චමිලා ප්රියන්ති යන අය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලට අනුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කොට තිබේ .
ඉකුත් 09 වැනිදා සවස තම දරුවා නිවස අසල බණ ගෙදරක තවත් ළමයෙකු සමග සෙල්ලම් කරමින් සිට ඇති බවත්, එවිට පැමිණි තවත් ළමයෙකු සෙල්ලමට ගන්න බැහැ " යැයි කීමෙන් පසු උරණවී ඇති එම ළමයාගේ වැඩිමහල් සොහොයුරෙකු තම දරුවාට පහරදී බෙල්ල මිරිකා ඇති බවත් ඇය පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන්වේ .
මෙම පහරදීමෙන් තම දරුවාගේ දත් දෙකක් කැඩී ගොස් තවත් දතක් සෙලවෙන බවද ඇය පොලිසියට ප්රකාශ කර ඇත.
පයාගල පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක තුෂාර ජයසේකර මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
කලුතර සුනිල් තන්ත්රීආරච්චි