වයස අවුරුදු 12න් පහළ දරුවන් සඳහා කෝවිඩ් මර්දන ෆයිසර් එන්නත ලබාදීමට අදාළ නිර්දේශ මෙම සතිය තුළදී සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබීමට නියමිත බව සඳහන් වේ.
මේ පිළිබඳ අදහස් හා නිර්දේශ ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් ඉල්ලා ඇත.
ඒ අනුව එම සංගමය විසින් අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර වයස අවුරුදු 12-16ත් අතර දරුවන් හත්ලක්ෂ හතළිස් පන්දහසකට පමණ කෝවිඩ් මර්දන ෆයිසර් එන්නත මේ වනවිට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළේය.
එසේම මේ වනවිට වයස අවුරුදු 16-19ත් අතර දරුවන් මිලියන 1.1කට ෆයිසර් එන්නත ලබාදී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.