තම බාල වයස්කාර දියණිය අපයෝජනය කර පලා ගිය පියෙකු සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි.
2022 වර්ශයේ දෙසැම්බර් මස සිට 2023 මාර්තු මස දක්වා කාල පරාසයක් තුල අවුරුදු 2,මාස 9ක් වයස ඇති තම දියණිය අපයෝජනය කර පලා ගිය පුද්ගලයෙකු සොයා පොලීසිය මහජන සහය පතන අතර ඔහු වලස්මුල්ල පඹුරාව ප්‍රදේශයේ පදිංචි 29හැවිරිදි මිරිස්ස බඩල්ගේ ගිහාන් ධනුෂ්ක නැමැති පුද්ගලයෙකු බව ද පොලීසිය කියයි.
මෙම වර්ශයේ අගෝස්තු මස දී මාවතගම පොලීසියට ලැබී ඇති පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය වාර්ථා වී ඇති අතර, මාවතගම දී සැකකරු විසින් දියණිය අපයෝජනය කර ඇති බවට පොලීසියට තොරතුරු හෙළි වී ඇති බව පොලීසිය කියයි.
බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළ මෙම සැකකරුගේ ඡායාරූප පොලීසිය විසින් මාධ්‍ය වෙත නිදහස් කර ඇති අතර, සැකකරු පිළිබඳ තොරතුරක් ලැබුණ හොත්,071 8591258 යන දුරකථන අංකයට හෝ 037 2299222යන අංකයෙන් මාවතගම පොලීසියෙහි ස්ථානාධිපතිවරයාට හෝ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති, 0718597402 යන අංකයන්ට ඇමතුමක් දී තොරතුරු ලබා දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් සහය ඉල්ලා සිටියි.
බෙලිඅත්ත - කවීෂා ගරුසිංහ

