අවිස්සාවෙල්ලේ ෆේස්බුක් සාදයක් වටලයි
අවිස්සාවෙල්ල තැඹිලියාන ප්රදේශයේ හෝටලයක් තුළ පැවැති ෆේස්බුක් සාදයකට වටලා තරුණයින් 21ක් තරුණියන් 04ක් අත්අඩංගුවට ගත් බව පොලිිය පවසයි.
ඊයේ රාත්රි යේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මෙම පිරිස ඇඹිලිපිටිය, දෙහිඕවිට, කොළඹ, ගාල්ල, මාතර හා කොස්ගොඩ පදිංචිකරුවෝ වෙති.
එම පිරිස සන්තකයේ තිබූ හොරොයින් මිලි ග්රෑම් 1315ක්, අයිස් මිලි ග්රෑම් 525ක්, ගංජා ග්රෑම් 10 මිලි ග්රෑම් 210ක්ද සොයා ගෙන තිබේ.
සැකකරුවන අද (13දා) අවිස්සාවෙල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අවිස්සාවෙල්ල පොලීසිය පවසයි.
-
Dayan Sunday, 13 October 2019 01:34 PM
සොමියට වරෙන් පුතා කට්ටිය. මස්කට් පැණි බූන්දි සමගද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
