සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ගෙවිම පැහැර හරිනු ලැබු සේවා යෝජකයින් සදහා ඉකුත් වර්ෂයේ (2025) පළමු මාස නමය තුලදි පළමු හා අවසන් නිවේදන දාහත්දහස්හාරසිය අසුදෙකක් (17,482) යවා රුපියල් මිලියන 1638ක මුදලක් අයකරගෙන ඇති බැව් කම්කරු අමාත්‍යංශය පවසයි.
දායක මුදල් ගෙවිම් පැහැර හරිනු ලැබු සේවා යෝජකයින් සදහා යවා ඇති පළමු නිවේදන සංඛ්‍යාව 8,075කි. පළමු නිවේදනවලට අදාළව අයකරගෙන ඇති මුදල රුපියල් මිලියන 916කි. සේවා යෝජකයින් වෙත යැවු අවසන් නිවේදන සංඛ්‍යාව 9407කි. අවසන් නිවේදනවලට අදාළව රුපියල් මිලියන 722ක මුදලක් අයකරගෙන ඇති බවද කම්කරු අමාත්‍යංශය පෙන්වාදෙයි.
එමෙන්ම කම්කරු දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වසරේ මුල්මාස නමය තුලදි සේවක අර්ථසාධක අරමුදලේ ප්රතිලාභ ගෙවිම සදහා තිරණ ලිපි 107,588 යවා තිබුණි.