අද වන විට ඛනිජ තෙල් සංස්ථාවට පෙට්‍රල් සහ ඩිසල් රටට අවශ්‍ය ප්‍රමාණයට තිබෙන බවත් විදුලිබල මණ්ඩලයට, බලාගාරවලට ඕන කරන තෙල් ප්‍රමාණයක් අද සපයා තිබෙන බවත් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රටේ ජනතාවට අවශ්‍ය කරන තෙල් තොග බෙදා හැරීමේ කටයුතු ද සිදු කර ඇති බවයි.
“අද ප්‍රධානම මාතෘකාවක් වෙලා තිබෙන්නේ තෙල් මිල වැඩිවීමත්, විදුලිය විසන්ධි කිරීමත් පිළිබඳවයි. තෙල් මිල වැඩි වීම මොන රජයක් තිබුණත් මේ අවස්ථාවේ වෙනස් කරන්න පුළුවන් වැඩක් නොවෙයි.
අපේ රටේ 2015 යහපාලන ආණ්ඩුව පිහිටුවන විට ආර්ථික අර්බුදයක් තිබුණේ නෑ. නමුත් ඒ ආණ්ඩුව ඇවිත් පාස්කු ඉරිදා ප්‍රහාරයත් එක්ක මේ රට ලොකු අර්බුදයකට පත් වුණා. සංචාරකයින් පැමිණිම නතර වුණා.
විදේශ ආධාර ලැබෙන එක නැති වුණා. ඊට අමතරව තෙල් සංස්ථාව සෘජුව තෙල් ගැනීමේ පිළිවෙත වෙනස් කළා. තෙල් සංස්ථාව ඛනිජ තෙල් ලබා ගත්තේ දින 190,180,85 ට දීර්ඝ කාලීන ණය වලටයි.
අපි ආණ්ඩුව පිහිටුවන අවස්ථාවේ පැවති ආණ්ඩුව ගත්ත තෙල් බිල් ගෙවන්න තිබුණා විශාල මුදලක්. දැන් මේ මොහොත වන විට ඒ මුදල් සියල්ලම අපිට දෙන්න සිදු වුණා. ඒ වගේම ලෝකයේ ඇති වෙච්ච ආර්ථික අර්බුදය නිසා දීර්ඝකාලීන ණයට දෙන තෙල් දීම පැරණි සැපයුම්කරුවන් ඔක්කෝම ප්‍රතික්ෂේප කළා.
අපි ආණ්ඩුවක් හැටියට එයට බොහෝම අමාරුවෙන් මුහුණ දුන්නා. අද මේ මොහොත වන විට ඛනිජ තෙල් සංස්ථාවට පෙට්‍රල් සහ ඩිසල් රටට අවශ්‍ය ප්‍රමාණය අපි ගාව තිබෙනවා. අද විදුලිබල මණ්ඩලයට, බලාගාරවලට ඕනකරන තෙල් ප්‍රමාණයක් සපයලා තිබෙනවා.
රටේ ජනතාවට අවශ්‍යකරන තෙල් බෙදාහැරීමේ කටයුතු කරනවා. අද දවස වන විට සියලුම බෙදුම්හල්වලට තෙල් ලබා දීමට කටයුතු කරලා තිබෙනවා.
රජය පාඩු විදගෙන තමයි ඩිසල් ලබා දෙන්නේ. ඩිසල් තමයි වැඩියෙන් පරිබෝජනය සිදුකරන්නේ. අපි රජයක් හැටියට මේ කටයුතු කරනකොට මහජනතාවට යම් යම් අපහසුකම් ඇතිවෙනවා. ඒවටත් අපි සහන දෙන ගමන් තමයි කටයුතු කරන්නේ.”
