අවයව බද්ධ කරණ රෝගීන් ලබාදෙන Basilixinab ඖෂධ හිග විම නිසා අවයව බද්ධ ශල්‍යකර්ම වලටත් බාධා සිදුවෙමින් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සදහන් කරයි
මිට අමතරව සුනඛයින් සපා කන රෝගින්ට ලබා දෙන එන්නත් වර්ග දෙකෙන් එක් එන්නත් වරගයක් හිග වි තිබෙන බවත් මේ නිසා සුනඛයින් සපා කෑමකට ලක්වන රෝගින්ද දුෂ්කරතාවයන්ට පත්වන බවද එම සංගමයේ සභාපති වීශේෂ වෛද්‍ය චමල් සංජීව මහතා සදහන් කලේය
රෝගීන්ට බද්ධ කරණ අවයව ප්‍රතික්ෂේප වීම වැළැක්වීම සඳහා ලබා දෙන පළමු පෙළ එන්නතක් වන Basilixinab ඖෂධිය හිගවිම නිසා වකුගඩු බද්ධය ඇතුළුව අවයව බද්ධ වලට පැමිණෙන රෝගීන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව තිබෙන බවද පවසා සිටියේය
මෙම ඖෂධය බාහිරින් මිලදී ගන්නේ නම් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් වැය වන බවත් හම්බන්තොට අනුරාධපුර ඇතුළු ඉතා දුෂ්කර පළාත් වලින් අවයව බද්ධ කිරීමට පැමිණෙන රෝගීන්ට මෙම මුදල ගෙවා බාහිරින් ඖෂධ මිලදී ගැනීම ඉතා දුෂ්කරබවද සදහන්කලේය
මේ නිසා මේ සම්බන්ධව වහාම සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු කර Basilixinab ඖෂධිය හිගයට හා ජලභිතිකා එන්නත් හිගයට කඩිනමින් විසදුම් ලබා දිය යුතු බවද පවසා සිටියේය