රට අවදානම් තත්ත්වයෙන් තවමත් මිදි නැතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පැවසුවාය.
රටෙන් දිනකට කොවිඩ් ආසාදිතයින් දෙදහසක් පමණ හමුවන තත්ත්වයක් පවතින හෙයින් සමාජයේ ආසාදිතයින් 6000කට වඩා සිටින බව අනුමාන කළ හැකි යැයිද විශේෂඥ වෛද්‍යවරිය පැවසුවාය.
ඩෙල්ටා රට පුරාම පැතිරි ගොස් ඇති හෙයින් කොවිඩ් අවදානම අඩුව අතැයි පැවසිය නොහැකි බව පැවසු ගුණරත්න මහත්මිය තවත් රැල්ලක් ඇති විම වළක්වා ගැනිමට සියලු දෙනා පියවර ගත යුතු බවද පැවසීය.