යාපනය චෙම්මිණි ප්රදේශයේ පිහිටි ප්රධාන මාර්ග ඇතුළු මාර්ග කිහිපයක ආවා කල්ලිය විසින් ආවා රාජ්ය යනුවෙන් ලියා ඇති බවට ප්රදේශවාසීන් පැවසූහ.
ඊයේ (05) රාත්රී කාලයේදී කිසියම් පිරිසක් විසින් රහසිගතව මෙසේ මාර්ග පුරා ලියා ඇති අතර එසේ ලියන ලද පුද්ගලයින් කවුරුන්දැයි යන්න කිසිවෙක් නොදුටු බවද ප්රදේශවාසීන් විසින් පොලීසියට පවසා ඇත.
ආවා 001 රාජ්ය ලෙසටත් බලය ඇත්තේ තමන්ට පමණක් බවත් යන වැකි මාර්ග පුරා ලියා ඇති අතර ඒ පිළිබඳව පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය කියා සිටියේ මාර්ගයේ ඇති සී.සී.ටී.වී උපයෝගි කරගනිමින් මාර්ගයේ ලියන ලද පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පියවර ගන්නා බවටය.