මෙරට අවුරුදු 20 වැඩි සියලු පුද්ගලයන්ට ඉදිරි සති 06 ක කාලයක් තුල කෝවිඩ් එන්නත්කරණය සිදු කර අවසන් කිරීමු ආණ්ඩුවේ බලාපොරොත්තුව බව ඹෟෂද නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
වාචික පිළිතුරු අපේක්ෂාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ශාන්ත බණඩාර සහ ප්‍රේම්නාත් සී දොලවත්ත යන මහත්වරුන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර තරුණයින්ට ලබා දෙන එන්නත සම්බන්දයෙන් ගැටලුවක් කර ගත යුතු නොවන බවත් තරුණයන්ට කුමන කෝවිඩ් එන්නත ලබා දුන්නද ප්‍රතිශක්තිකරණය යහපත් මට්ටමක තිබෙන බවට ලෝකයේ සිදු කළ පර්යේශන වලින් හඳුනාගෙන තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසීය.
මෙතෙක් කෝවිඩ් එන්නත නොලැබුන ග්‍රාමසේවා කොට්ඨාස තිබෙන බවත් එම සියලු ග්‍රාමසේවා කොට්ඨාස සඳහා එළැඹෙන 12 වැනිදා වන විට එන්නත් ලබා දීමට කටයුතු කරන බවත් සඳහන් කළ චන්න ජයසුමන මහතා,
රටේ ඇතැම් ග්‍රාමසේවා කොට්ඨාස තිබෙනවා එන්නත් ලැබීමේ ප්‍රමාදයක් ලැබුන. ඒකට ප්‍රධාන හේතු කාරණා දෙකක් තිබෙනවා. සයිනෝෆාම් එන්නත ලබා දීමට තෝරාගත් දිස්ත්‍රික්ක වලට එම එන්නත ලැබීමේ ප්‍රමාදයක් ලැබුනා. විශේෂයෙන්ම චීනයේ ඇතිවුනු තත්ත්වයත් සමග. ඊයේ හවස් වන විට එම එන්නත් අදාල දිස්ත්‍රික්ක වලට යොමු කළා. අපි හිතනවා ලබන ඉරිදා වන විට අඩුපාඩු තිබෙන සියලු ග්‍රාමසේවා කොට්ඨාස වලට එන්නත් කරණය දීලා ඉවර කරන්න පුලුවන් වෙයි කියලා.
අපේ ආරම්භක ඉලක්කය තිබුනේ 60 වැඩි සියලු දෙනාට එන්නත්කරණය නිමා කරන්න. ඒ අවසන් වෙනවත් සමග 30-60ත් අතර පුද්ගලයන්ට එන්නත් ලබා දීම ආරම්භ කළා. ඒකත් අවසන් අදියරේ තිබෙන්නේ. ඒ වගේම 20-30 අතර පුද්ගලයන්ටත් එන්නත්කරණය ආරම්භ කරලා තිබෙනවා. ඒ අනුව අපේ බලාපොරොත්තුව තමයි තව සති 6න් අවරුදු 20ට වැඩි සියලු දෙනාට එන්නත් ලබා දී අවසන් කරන එක. ඒ වගේම තරුණ අයට ලබා දෙන එන්නතේ වර්ගය පිළිබද ප්‍රශ්නයක් කර ගත යුතු නෑ. මොකද ලෝකයේ කළ පර්යේෂණ වලින් පෙනී ගිහින් තිබෙනවා කුමන එන්නතක් වුනත් තරුණ අයට ලබා දුන් පසු ඉතාහ හොද ප්‍රතිශක්තීකරණයක් ඇති කරනවා කියලා. යනුවෙන්ද සඳහන් කළේය.