බාලවයස්කාර 17හැවිරිදි පාසල් සිසුවෙකු හා 13හැවිරිදි පාසල් ශිෂ්‍යාවක තම නිවෙස් වලින් 30වන දින සිට අතුරුදහන් වී ඇති බවට ලැබුණ පැමිණිලිලකට අනුව එම දෙපළ සොයා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
මේ සම්බන්ධයෙන් ආදර සම්බන්ධතාවයක් ඇතිකරගෙන සිටි අතුරුදහන්ව ඇති 17හැවිරිදි පුද්ගලයා සැක බවත් බාලවයස්කාර දැරියගේ දෙමව්පියන් විසින් පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
මෙම සම්බන්ධයට වක්‍රාකාරව අනුබලදී ඇතිබවට සැකකරන බාලවයස්කාර දරුවාගේ දෙමව්පියන් ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම දෙපළ අතර ආදර සම්බන්ධයක් තිබ ඇති අතර එම සම්බන්ධතාවයට දැරියගේ දෙමව්පියන් පූර්ණ විරෝධතාවයක් තිබ ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ. දෙපළ සොයා ආරච්චිකට්ටුවපොලීසිය පුලූල් පරීක්ෂණයක් ආරම්භකර ඇත.
ලලිත් නවරත්න