අලුත් ජාවාරමක් ගැන සර්ට් කියයි
මේ වනවිට SMS පණිවිඩ සහ ඔන්ලයින් ඔස්සේ ක්‍රෙඩිට් කාඩ් පත් අත්හිටුවා ඇති බව සදහන් පණිවිඩ එවමින් වංචාකාරී ලෙස මුදල් පැහැර ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට Sri Lanka CERT ආයතනයට පැමිණිලි ලැබී ඇති බව සර්ට් ආයතනය පවසයි.
කිසියම් සැක කටයුතු ක්‍රියාවක් හේතුවෙන් ක්‍රෙඩිට් කාඩ්පත අත් හිටුවා ඇති බව සදහන් කරමින් සහ සුප්‍රසිද්ධ බැංකු කිහිපයක නම් සදහන් කරමින් මෙම වංචාව සිදු වන බවද දැනගන්නට ඇත. ක්‍රෙඩිට කාඩ්පත නැවත ක්‍රියාත්මක කර ගැනීමට නම් හැදුනුම්පත් අංකය ඇතුළු පුද්ගලික තොරතුරු එම sms පණිවිඩයේ සදහන් ලින්ක් එක හරහා බැංකුවට ලබාදෙන ලෙස එම පණිවිඩයෙන් කියැවේ. පැය 24 ක් ඇතුලත එම තොරතුරු share නොකලහොත් කාඩ්පත අවලංගු වන බව හෝ කාඩ්පත්වලින් මුදල් නිකුත් විය හැකි බව හෝ එහි සදහන් වේ.
ක්‍රෙඩිට් කාඩ්පත යොදාගනිමින් ගණුදෙනු කරන පුද්ගලයන් මෙම පණිවිඩයට අනුකූලව කටයුතු කරමින් කාඩ්පත අවලංගු වීම වලක්වා ගැනීම සදහා වහා ලින්ක් එකට ගොස් තමන්ගේ සංවේදී දත්ත ඇතුලත් කිරීම සිදු කර ඇත. ඉන් පසු වංචාකරුවන් ඉතා සුක්ෂමව බැංකු ගිණුමට පිවිස OTP අංකයක් තොරතුරු ලබා දුන් පුද්ගලයාට යවා එම අංකය ලබා ගෙන ඔවුන්ගේ ගිණුම්වල පැවති මුදල් පැහැරගෙන තිබේ.
තවත් පිරිසකට ඔවුන්ගේ ජංගම දුරකථනයට Whatsapp ඔස්සේ වීඩියෝ ඇමතුමක් ලබා දෙන පොලිස් ඇදුමෙන් සැරසුනු වංචාකරුවෙක් තමන් සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස හදුන්වා දෙමින් රගපෑමක යෙදෙන බවත් අනාවරණය වී ඇත. අපරාධකරුවෙක් පොලිසියේ අත් අඩංගුවේ පසුවන බවත් එම පුද්ගලයා ඇමතුම ලැබෙන අයගේ නම සහ හැදුනුම්පත යොදාගනිමින් ක්‍රෙඩිට් කාර්ඩ් පත් බැංකු කිහිපයකින් ලබා ගෙන රුපියල් මිලියන ගනනක වංචා කර ඇති බවත් සදහන් කරන එම පොලිස් නිලධාරිවරයා ඉන් පසු හැදුනුම්පත් අංකය සහ ගිණුම් අංකද සදහන් කරමින් ප්‍රශ්න කර බලපෑම කරන බවත් එම සියලු තොරතුරු තමන් මීට පෙර ලබා දුන් ඒවා බව ඒ වන විට වංචාවට හසුවූ අයට සිහිපත් කර ගැනීමට ඉඩක් නොලැබෙන පරිදි මෙම ප්‍රශ්න කිරීම සිදු වන බවත් පැමිණිලිවල සදහන් වේ.
මේ සිදුවීම් සම්බන්ධව අත් අඩංගුවට ගැනීමක් සිදුවන බවටද තර්ජනාත්මකව පැවසෙන නිසා රුපියල් ලක්ශ ගනනක් ගෙවා ඉන් ගැලැවීමට වංචාවට හසූ වූවන් කටයුතු කර ඇත.
එබැවින් මෙම sms පණිවිඩ හෝ ඔන්ලයින් ඔස්සේ ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබා නොදෙන ලෙසත් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සිදු කරන ව්‍යාජ රග පෑමට හසු නොවන ලෙසත් Sri Lanka CERT ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටී. කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර නිල සම්බන්ධතා තොරතුරු භාවිතා කර ඔබේ බැංකුව හෝ අදාළ බලධාරීන් සමඟ සෘජුවම සම්බන්ධ වන ලෙසත් සැක සහිත වංචා පිළිබඳ තොරතුරු බැංකුව වෙත දැනුම් දෙන ලෙසත් Sri Lanka CERT ආයතනය ඉල්ලා සිටී..
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

