තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එන් බී හඳුන්හින්න මහතාද තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජයන්ත ද සිල්වා මහතා ද පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම අමාත්‍යාංශ දෙක ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මීට දින කිහිපයකට පෙරාතුව ස්ථාපිත කරමින් ගැසට් නිවේදනයක් නිකත් කළේය.
තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන නව අමාත්‍යවරයා ලෙස ධම්මික පෙරේරා මහතාත් කාන්තා ළමා හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරිය ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත්කිරීමට නියමිතව ඇති බවටත් තොරතුරු වාර්තා වෙයි.