අලි සබ්රිට ලක්ෂ 75ක දඩයක් - රන් හා දුරකතන රාජසන්තකයි
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි මහතා විසින් නීතිවිරෝධී ලෙස රත්තරන් සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරි පහසුකම් ඔස්සේ රැගෙන ඒම පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය අද (24දා) අලුයම 04.00 ට පමණ නිමා වී තිබූ බව රේගු ආරංචි මාර්ග පැවසීය.
මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය රේගු ආදායම් සංරක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්යක්ෂ එන්.පී.පී.ප්‍රේමරත්න මහතා විසින් පවත්වා තිබූ අතර , එහිදී මෙම මන්ත්‍රීවරයා විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනවිත් තිබූ , රන් බිස්කට් , ස්වර්ණාභරණ සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගය රාජසන්තක කිරීමට නියෝග කර තිබූ අතර , මෙම මන්ත්‍රීවරයාව රුපියල් ලක්ෂ හැත්තෑ පහක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.
මන්ත්‍රීවරයා මෙම දඩ මුදල 05/24 දින අලුයම ගෙවා දමා රේගු මූලස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

