ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා පැවැසීය. ජනතාව මුහුණ දෙන ප්‍රශ්න වලට ආණ්ඩුව වගකිව යුතු බවත් ඔහු පැවැසීය.
" විරෝධකයන්ගේ ආවේග අපි දන්නවා. මේකට විසඳුම් හොයන්න ඕන. මම දිගින් දිගටම කිව්වා අයි.එම්.එෆ්. යන්න ඕන කියලා. රුපියල පා කරන්න ඕන කියන මතයේ මමත් හිටියා.
ණය ප්‍රතිව්‍යුහ ගත කරන්න ඕන කියන එක මම කිව්වා. මුදල් ඇමති දෙන කෙනෙක් වෙන්න ඕන. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද එයි. හෙට වැඩ භාර ගන්නවා. මේ ගැටලුවට අයි.එම්.එෆ්. එක සමග සාකච්ඡා කරලා විසඳුමක් හොයන්න ඕන"