බලපත්ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු වූ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තා බරපතළ වැඩසහිත වසර 15ක සිරදඬුවම් පැනවීය.
ඒ එම නඩුව කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීය. එසේම විත්තිකරුට රුපියල් ලක්ෂ 206ක දඩයක්ද නියම කෙරුණි. අලියා රාජසන්තක කිරීමට ද නියම කළේය.
මෙම සිද්ධියට අදාළව චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් තුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද විනිසුරු මඩුල්ල නියම කළහ.