අලි මිනිස් ගැටුම නිරාකරණය කිරීම සඳහා ජනතාව සහ ආයතන සම්බන්ධීකරණය කරමින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.
මාරාකුලම ගම්මානය ආවරණය වන පරිදි අලි වැටක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියේ.
මාරාකුලම ගම්මානයේ ගොවි බිම් , නිවාස හා ගෙවතු ආවරණය වන පරිදි කිලෝමීටර් 5 ක පමණ දුරට මෙම අලිවැට ඉදිකෙරෙනවා.
වනඅලි සංරක්ෂණ පර්යේෂණ ආයතනයේ මූල්‍ය පරිත්‍යාගයෙන් සහ ගම්වාසීන්ගේ දායකත්වයෙන් අලිවැට ඉදිකෙරුණා. අලි වැටේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමට ද රාජ්‍ය අමාත්‍යවරයා එක්වුණා.
අලි ඇතුන් සහ වනජීවී සම්පත් ආරක්ෂාකර ගනිමින් ජනතාව ද ආරක්ෂාකර ගන්නා වැඩපිළිවෙළකට වහා යොමුවිය යුතු බවයි ඒ මහතා මෙහිදී කියාසිටියේ.