ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා ඊයේ (08දා) ධාවන වූ රාත්‍රි තැපැල් දුම්රියේ පලුගස්වැව දුම්රියස්ථානයට ආසන්නයේදි අලි දෙදෙනෙකු ගැටිමෙන්දුම්රිය එන්ජිම පීලි පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.
අනතුරෙන් එක් අලියෙකු එන්ජිමට හසුවි මියගිය අතර මේ හේතුව නිසා මඩකලපුවේ සිට කොළඹ කොටුව දක්වා ධාවන විමට නියමිතව තිබු දුම්රිය ගල්ඔය දුම්රිය ස්ථානයෙන් නතර කිරිමට සිදුවිය.
වහාම ක්‍රියාත්මක වු දුම්රිය බලධාරින් කොළඹ කොටුවේ සිටි මඩකලපුව බලා පැමිණෙන රාත්‍රි තැපැල් දුම්රිය කැකිරාව දුම්රිය ස්ථානයෙන් නතර කරවා මඩකලපුව දක්වා ගමන්ගන්නා මගින් බස්රථවලින් කැකිරාව සිටි ගල්ඔය දුම්රිය ස්ථානය රැගෙන මඩකලපු සිට ගල්ඔයට පැමිණි දුමිරියෙන් යලි මඩකලපුවට රැගෙන යැම සිදුකල අතර අනතුරට පත් කොළඹ බලා යෑමට සිටි ත්‍රිකුණාමල දුම්රියේ මගින් බස්රථ වලින් කැකිරාවේ නවත්වා තිබු දුම්රියෙන් කොළඹ කොටුවට පිටත්කර හැරිමට කටයුතු කළේය.
මේ අතර පීලිපැන තිබු දුම්රිය යලි යතාතත්වයට පත් කර ඇති අතර සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු යලි ආරම්භ කර තිබේ.
ත්‍රිකුණාමලය චමෝද්‍යා නේත්‍රාංජලි
