ලක්ෂ 100ක අල්ලස් මුදලක් ලබාගැනීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සුපුන් පතිරගේ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
රුපියල් 25,000ක මුදල් හා ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදාහැරීමට එහිදී අධිකරණය නියෝග කළේය.
මෙනම් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනා ලබන 24 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර කිරීමටද අධිකරණය නියෝග කර තිබේ.