පස් ව්‍යාපාරිකයෙකු ගෙන් අල්ලස් ලබාගත් බවට වූ චෝදනා මත රිමාන්ඩ් බාරයේ සිටි නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා ( පො.ජ.පෙ.) මහතා ජීවිතක්ෂයට පත්ව ඇතිව බව කොටවෙහෙර පොලීසිය අද (21 දා) පැවසීය.
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි මන්ත්‍රීවරයා පෙර දින ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව එදින රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය සඳහන් කළේය.
ඉකුත් 02 දා නිකවැරටිය ප්‍රදේශයේ හෝටලයකදී අදාළ පස් ව්‍යාපාරිකයාගෙන් රුපියල් හාර ලක්ෂ විසිපන්දහසක මුදලක් අල්ලස් ලෙස ගන්නා අවස්ථාවේ සැකකාර මන්ත්‍රීවරයා වලාන දූෂන මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු නිකවැරටිය අධිකරණය මගින් බන්ධනාගාර ගත කර තිබූ බවද පොලීසිය සඳහන් කළේය.
මිය යන විට 46 වන වියේ පසු මන්ත්‍රීවරයා කොටවෙහෙර, කීනව පදිංචි එච් එම්, තිලකරත්න හේරත් නැමති විශ්‍රාමික හමුදා නිලධාරියෙකු සහ දෙදරු පියෙකු බවද මිය ගිය මන්ත්‍රීවරයාගේ සිරුර පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය 21 දා සිදු කිරීමට නියමිතව ඇති බවද පොලීසිය සඳහන් කළේය
නිකවැරටිය ප්‍රියාණි මංගලිකා