අල්ලස් කොමිෂමේ සේවය කල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම් එස් මොහාන්ලාල් මහතා එම කොමිෂමේ විමර්ශන අධ්‍යක්ෂක ලෙස පත් කර තිබේ.
මිට අමතරව පොලිස් අධිකාරිවරයෙකුට හා සහකාර පොලිස් අධිකාරිවරුන් තිදෙනෙකුට හා ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් 08 කට හා පොලිස් පරික්ෂකවරුන් 02 කට ස්ථානමාරු ලබා දි ඇත.
මේ අනුව අම්පාර කොට්ඨාසයේ සේවය කල පොලිස් අධ්කාරි ඒ එස් කේ බණ්ඩාර මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව වෙත මාරු කර යවා තිබේ.
මිට අමතරව ගල්කිස්ස කොට්ඨාසයේ සේවය කල සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව් ටි මනුරංග මහතාත් අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව වෙත මාරු කර යවා ඇත.
අල්පිටිය කොට්ඨාසයේ සේවය කල සහකාර පොලිස් අධිකාරි බි එල් ඒ ප්‍රසන්න මහතා නුගේගොඩ කොට්ඨාසය වෙතත් නුගේගොඩ කොට්ඨාසයේ සේවයකල සහකාර පොලිස් අධිකාරි දිප්ති කුමාර මහතා ඇල්පිටිය කොට්ඨාසය වෙතත් මාරු කර යවා තිබේ.
ස්ථානමාරු විම ලබා දි ඇති ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් තිදෙනෙකු පොලිස් ස්ථානධීපති තනතුරේ සිට සමාන්‍ය රාජකාරි සදහ වෙනත් පොලිස් ස්ථානවෙත මාරු කර යවා ඇත.