ඇල්ල වැල්ලවාය ප්රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කනුව ප්රදේශයේ සිදු වූ විනෝද චාරිකා බස් රථ අනතුරින් මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුලු කාර්ය මංඩලයේ දෙලොස්දෙනෙක් සිටින බව ඇල්ල පොලිසිය පවසයි .
තංගල්ල නගර සභාවේ කාර්ය මංඩලය ඔවුන්ගේ පවුල් වල සාමාජික අය සමග නුවරඑළිය විනෝද චාරිකාවක ගොස් ආපසු තංගල්ල බලා ගමන් කරමින් සිටියදි ඊයේ (4) රාත්රි මෙසේ ඔවුන් ගමන් ගත් විනෝද චාරිකා බස් රථය රාවණා ඇල්ල 15 කනුව ප්රදේශයේ දී අඩි දාහක පමන ප්රපාතයකට පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව තිබු අතර අනතුරින් 15ක් මියගොස් 18 ක් තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කරනු ලැබූහ .
දැනට බදුල්ල ශික්ශන රෝහලේ මෘත දේහයන් 6ක්, දියතලාව රෝහලේ මෘත දේහයන් හතක්, සහ බණ්ඩාරවෙල රෝහලේ මෘත දේහයන් දෙකක් තැන්පත් කර තිබෙන අතර,මහේස්ත්රාත් පරීක්ෂන සිදු කිරිමට නියමිතව ඇත.
ඇල්ල ප්රසාද් රුක්මාල්
