ගුරු මාරු ලබාදීමේදී විවිධ ජනප්‍රිය පාසල් ලබා දෙන බව පවසමින් ගුරුවරුන් ගෙන් අල්ලස් ලබා ගන්නා බවට අධ්‍යාපන වෘත්තීය සමිතියක ප්‍රධාන තනතුරක් දරන භික්ෂූන් වහන්සේ නමකට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් ව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යංශය තුළ ක්‍රියාත්මක ගුරු මාරු මණ්ඩලයේ සමාජිකත්වය දරණ අදාළ හිමි නම මාරු මණ්ඩල හරහා සිදු කරන ලද ගුරු මාරු නැවත වෙනස් කිරීම සඳහා මෙලෙස අල්ලස් ලබා ගන්නා බවට චෝදනා එල්ල වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මීට අමතරව ගුරු මාරු ලබා දීමට පෙර අවශ්‍ය පරිදි ගුරු මාරු සිදුකිරීමට ද අල්ලස් ලබාගන්නා බවට ද චෝදනා එල්ල වී ඇතැයි අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මෙම පැමිණිල්ල අනුව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නියෝග මත අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.