අලි මිනිස් ගැටුම සඳහටම නිමා කිරීමට නොහැකි බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.
අම්පාහ උහන ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
කෙසේ වෙතත් අලි මිනිස් ගැටුම අවම කිරීම වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවැසීය.
ඒ අනුව අලි වැට ආරක්ෂා කිරීම වෙනුවෙන් සිවිල් ආරක්ෂක බලකායට 2000ක් බඳවා ගැනීම හා වනජීවී නිලධාරීන් 1000ක් බඳවා ගැනීමට කැබිනට් අවසරය ඉල්ලා කැබිනට් පත්රකා යොමුකර ඇති බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ජාතික ආහාර නිෂ්පාදනයෙන් සියයට 30ක් වන සතුන් විනාශ කරන බවත් එයින් වැඩිම හානියක් සිදුකරන්නේ වන අලියා බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.