සමාජ මාධ්‍ය භාවිතය සඳහා අවම වයස අවුරුදු 15 ක් ලෙස සඳහන් කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය යෝජනාවක් සම්මත කර තිබේ. ඒ් අනුව දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කරන නවතම රට බවට ඒක්සත් අරාබි ඒමීරය පත්වෙනු ඇත.
ලොව පුරා රජයන් ළමයින්ට අන්තර්ජාල වේදිකාවල බලපෑම පිළිබඳ වැඩෙන ගැටළු විසඳීමට උත්සාහ කරන බැවින් එවැනි සීමාවක් හඳුන්වා දුන් පළමු අරාබි රට බවටද ඒක්සත් අරාබි ඒමීර් රාජ්‍යය පත්ව ඇත.
බ්‍රහස්පතින්දා අනුමත කරන ලද යෝජනාවක් යටතේ, වයස අවුරුදු 15 ට අඩු දරුවන්ට පුද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්
නිර්මාණය කිරීම, භාවිතා කිරීම හෝ ක්‍රියාත්මක කිරීම තහනම් කර තිබේ.
තහනමෙන් අදහස් වන්නේ ඔවුන්ට අන්තර්ගතය පළ කිරීමට, අදහස් දැක්වීමට, බෙදා ගැනීමට හෝ පොදු කණ්ඩායම්වලට සම්බන්ධ වීමට නොහැකි වනු ඇති බවයි.