සතපහක් නැති භාණ්ඩාගාරය අර්ථසාධක අරමුදල හොරකම් කර එය හරහා ඡන්දය හොරකම් කරන්න හදනවා යැයි රත්නපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ තංගල්ලේ පිහිටි නිවෙසේ පැවැති සමඟි ජනබලවේගයේ ජනහමුවකට සහභාගී වෙමින් අද(14දා) හේෂා විතානගේ මන්ත්‍රීවරයා මෙසේ පැවැසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද කීවේය.
රාජපක්ෂලාගේ අළුගෝසු දේශපාලනය අද නැවත වතාවත් හිස ඔසවා තිබෙනවා. මේ රටේ මාධ්‍යවේදීන් මරා දාලා මාධ්‍යවේදීන්ගේ අතපය කඩාදාලා රටේ මාධ්‍යවේදීන් රට හැර ගිය යුගයක් නිමාකරපු යහපාලන යුගයෙන් පසු නැවතත් රට තුළ නිර්මාණය වෙන ජනතා විරෝධය වළක්වාගන්න බැරුව අද මාධ්‍යවේදීන් දඩයමේ යාම, සුදුවෑන් සංස්කෘතිය ආරම්භවෙලා තියෙනවා.
රටේ බෙහෙත් ටික නැහැ. රටේ ආහාර හිඟයක් තියෙනවා. ගොවි ජනතාවගේ අවශ්‍යතාව සපුරගන්න බැරි වෙලාවක වැඩ ලක්ෂයක් කියලා මහා විශාල වංචාවක් කරලා තමන්ගේ හෙංචයියෝ ටිකට අල්ලස් දීලා ඉවරවෙලා ප්‍රාදේශීය සභා මැතිවරණයකට සූදානම් වෙනවා.
රාජපක්ෂලා අද දෙන්න හදන්නේ සතපහක් නැති තමන්ගේ භාණ්ඩාගාරය ඔබේම අර්ථසාධක අරමුදල හොරකම් කරල ඉවරවෙලා ඒක හරහා තණකොළ කපන මැෂිමක්, ඉඳිආප්ප වංගෙඩියක්, තෙල් තාච්චියක් දීල ඉවරවෙලා ඔබේ ඡන්දය හොරකම් කරන්න හදනවා. එදා සුදුරෙදි කෑල්ල දීලා ගත්තා වගේ. ඒ නිසා මර්දනය කරලා, රවට්ටලා මේ රටේ මිනිස්සුන්ගේ ඔලුව හිරිවට්ටලා පාලනය කරපු යුගය ඉවරයි. දැන් මේ රටේ මිනිස්සු රාජපක්ෂලා හොඳට අවබෝධ කරගෙන තියෙන්නේ. හම්බන්තොට විතරක් නෙවෙයි මුළු රටම අවදිවෙලා තියෙනවා. ඒ අවදිවීම හරහා රාජපක්ෂ කියන නම මේ රටේ දේශපාලන භූමියෙන් අතුගා දමන්න ජනතාව පෙරට ඇවිත් ඉන්නවා කියන කාරණාව පැහැදිලියි යැයිද කීවේය.
අනීෂා මානගේ