පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා රුපියල් ලක්ෂ 75ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ මහතා අද (03දා) නියෝග කළේය.
ඒ රුපියල් කෝටි 532 ක ආදායම් බදු මුදලක් නොගෙවා පැහැර හැරීම හේතුවෙනි.
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම රුපියල් කෝටි 532 ක බදු මුදලක් නොගෙවා පැහැර හැරීමෙන් රජයට වංචාවක් සිදුකළේ යැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එම ආයතනයේ අධ්යක්ෂ ධුරය දරන අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.