මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්ව ඇති මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනත් නමකින් සිංගප්පූරුවේ සිටින බවට තමන්ට තොරතුරු ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
අද කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියට රජය මගින් දැනුම් දුන් විට තම රජයේම තවත් පාර්ශ්වයක් එයට එරෙහිව ලියුම් යොමුකළ බවත් ඔහු පැවැසීය.