ගාලුමුවදොර පිටියේ දී තරුණ ප්‍රජාව විසින් ආරම්භ කළ අරගලය නිසා තවත් දින දෙකක් තුනක් ඇතුළත වත්මන් ආණ්ඩුවට ඇති බහුතරය අහිමිවී නව ආණ්ඩුවක් බිහිවනු ඇති බව හිටපු ආණ්ඩුකාරවරයෙක් වන ජනාධිපති නිතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.
ඊයේ (23දා) පස්වරුවේ දී ගාල්ල කතළුව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදි මෛත්‍රි ගුණරත්න මහතා මේ බව සදහන් කළේය.
“මේ අරගලය නිසා කෙටිකාලයක් තුළ විශාල ජයග්‍රහණ රාශියක් ලබාගෙන තියෙනවා. මේ අරගලය නිසා තවත් දින දෙකක් තුනක් ඇතුලත මේ ආණ්ඩුවට තියෙන බහුතරය නැතිවෙලා අලුත් ආණ්ඩුවක් ඇතිවෙන්න යනවා.
විපක්ෂයට, දේශපාලනඥයින්ට කරන්න බැරිවූ මෙම සටන නව අරගලකරුවන් විසින් සාර්ථකව සිදුකරනවා. අරගලය නිසා මුදල් ඇමති, මහා භාණ්ඩාගාරයේ ලේකම් අස්වුණා. සිංහල, දෙමල, මුස්ලිම් යන සියලු ජන කොටස් එකතුවුණා. රජපක්ෂ පවුලට තිබු ආදරය ගෞරවය සම්පුරණයෙන්ම නැතිවුණා.
විපක්ෂයක් නැහැ, විපක්ෂය නින්දට ගිහින් තියෙනවා කියලා පෙන්නුවා. විපක්ෂයෙන් කළයුතු දෝෂාභියොගයත් අරගලකරුවන් විසින් ආරම්භ කළා. මෙක නවීන පන්නයේ අරගලයක් කියලා ජනතාව තේරුම්ගතයුතුයි.
මෙම කඩාවැටිම හදන්න තවත් අවුරුදු දෙක තුනක් යාවි. අලුත් ආණ්ඩුවක් අලුත් අගමැතිවරයකු අලුත් අමාත්‍ය මණ්ඩලයක් පත්කළ යුතුයි. පාර්ලිමෙන්තුවේ ඉන්න 225 නරක යැයි කිවාට ඒ අතර අඩුම ගානේ 20ක් 25ක් ඉන්නවා රටට වැඩකරන්න කැමති ආදරය කරන අය. හොරකම් කරන්නේ නැති රට දියුණුකරන්න පුළුවන් තක්කඩිවැඩ කරන්නේ නැති නායකයින් තෝරාපත්කරගත යුතුයි. රජපක්ෂ සාටක කල්ලිය ගෙදර යන්න ඕන කියලා. තමයි පොදුජනතාව කියන්නේ.”
රවින්ද්රශ්රිලාල් /චන්දන සමරවික්‍රම