අලෙවි කිරීම සඳහා රැගෙන යමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පනස් එකයි මිලිග්‍රෑම් තුන්සිය හතලිහක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ විෂ මත්ද්‍රව්‍ය ඒකකය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 15 , මෝදර ප්‍රදේශයේ පදිංචි (28) හැවිරිදි කාන්තාවක් බව පොලිසිය කියයි .
කොළඹ දකුණ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ෂෙහාන් ආනන්ද මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල අසල රැඳී සිටියදී එම ස්ථානයට පැමිණි කාන්තාවක් පොලිසිය දැක සැක කටයුතු ලෙස කලබල වීමත් සමග ඇය නවතා පරීක්ෂා කිරීමේදී ඇයගේ මුදල් පසුම්බියේ තිබී සැකකටයුතු පාර්සලයක් හමුවේ තිබේ.
පසුව ඒ පිළිබඳව වැඩිදුර විමර්ශනයේදී ඒ තුළ තිබී ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 51 මිලිග්‍රෑම් 340 බවට අනාවරණය වී තිබේ .
අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10 කට ආසන්න බව පොලීසිය කියයි.
සැකකාර කාන්තාව බොරැල්ල අවට ප්‍රදේශ රැසකට මෙසේ අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කර ඇති බවට සැකකරන පොලීසිය රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණෙන පුද්ගලයින්ට ද අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කර ඇති බවට පොලිසියේ සැකකරයි
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බොරැල්ල පොලීසියට භාර දීමට නියමිතව තිබුණි .
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න