වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි කිරුලපන පොලීසිය කියයි.
සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ කිරුළපන හයිලෙවල් පාර පදිංචිව සිටි ආර් ඒ අමිල සඳරුවන් නැමැති 29 හැවිරිදි එක්දරු පියෙකි.
32 හැවිරිදි සැකකාර සහෝදරයා ඝාතනයට යොදාගත් පිහියත් සමග පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඝාතනයට ලක්වූ පුද්ගලයා තදින් අයිස් හා හොරයින් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි ව සිටින අතර ඊයේ (15) ඔහු මවගෙන් මුදල් ඉල්ලා කරදර කිරීම හේතුවෙන් ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව සැකකාර සහෝදරයා විසින් එලවලු කපන පිහියකින් පපු ප්‍රදේශයට පිහියෙන් ඇන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
සැකකරු සහ ඝාතනයට ලක් වූ පුද්ගලයා එකම පියාගේ මව්වරුන් දෙදෙනෙකුගේ දරුවන් බව පොලිසිය සඳහන් කරයි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
කිරුළපන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක් ද සිල්වා මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් එදිරිවීර මහතා පරීක්ෂණ පවත්වයි