අයි එස් ත්‍රස්තයින්ට විරෝධය පා පුත්තලමේ මුස්ලිම්වරු පාරට බහිති
අයිඑස් අයිඑස් ත්‍රස්තයින්ට විරෝධය පාමින් පුත්තලම මුස්ලිම්වරුන් 1000ක් විදි පුරා සංචාරය කර අයිඑස් අයිඑස් ත්‍රස්තයින් විනාශ වෙන ලෙස දෙවියන් ගෙන් ඉල්ලා පුත්තලම කලම්බු ෆේස් කලපු තිරයේ දැවැන්ත රැස්විමක් පැවැත්විය.
පුත්තලම නගරාධිපති කේ.ඒ .බායිස් මහතා සහ පුත්තලම ප්‍රධාන මුස්ලිම් දේවස්ථාන ඇතුළු මුස්ලිම් දේවස්ථාන ගණනාවක මුස්ලිම් ජාතිකයින් මේ සඳහා එක්ව තිබුණී.
දහවල් ජුම්මා දේව මෙහෙයෙන් පසුව පාගමනින් කලපු තිරයට පැමිණි මුස්ලිම් ජාතිකයින් පැය දෙකකට ආසන්න කාලයක් දැවැන්ත රැස්විමක් පවත්වා අයිඑස් .අයිඑස් .ත්‍රස්තයින්ට දැඩි ලෙස විරෝධය පෑ අතර වසර තිහක යුද්ධයෙන් බැට කෑ රට නැවත වනසන්නට කටයුතු කිරීම ගැන මුස්ලිම් ජාතිකයින් ලෙස අයිඑස් අයිඑස් . ත්‍රස්තයින්ට ශාප කරන බවද පවසන්නට විය .
පුත්තලම පොලිස් අධිකාරි ජේ.ඒ .චන්ද්‍රසේකර මහතා සහ පුත්තලම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර ගුණවර්ධන මහතා ඇතුළු පොලිස් නිලධාරින් මෙම අවස්ථාවට එක්ව තිබුනී.
පුත්තලම - හිරාන් ප්‍රියංකර

popular news
-
Champa Saturday, 18 May 2019 11:08 AM
කවුද ISIS ත්රස්තයෝ? තව්හීඩ් ජමාත් ත්රස්තයෝ නම් ස්වර්ගෙට මක බෑවිලා ගිහින් ඉවරයි. කවුද දැන් ඔය කියන ISIS ත්රස්තයෝ? කොහෙද ඉන්නේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

