ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ හත්වන සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් ලබන සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මෙම නියෝජිත කණ්ඩායම සැප්තැම්බර් 10 සිට 23වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් දේශීය බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වනු ඇත.
මෑත කාලීන ආර්ථික වර්ධනයන්, ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති රාමු සහ දිගුකාලීන උපායමාර්ගික අභියෝග මෙම සාකච්ඡාවලදී විශේෂ අවධානයට ලක් වනු ඇත.