දිවයිනේ වැසි සහ සුළං තත්ත්වය අද (20දා) රාත්‍රියේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව මධ්‍යම සහ සබරගමුව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර, බස්නාහිර පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇති විය හැකිය.
දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම, වයඹ උතුරු මැද දකුණු සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, බදුල්ල සහ මඩකලපුව දිස්ත්‍රිකකවලත් විටින්විට හමන පැ.කි.මී 50-60 දක්වා තද සුළං ඇතිවි හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
තවද දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය තවදුරටත් ඉහළ මට්ටමන පවතිව අතර, අද (20දා) රාත්‍රියේ සිට යම් තරමක් අඩුවනු ඇතැයිද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සිහින් වැසි ඇති විය හැකි අතර, මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හැමීම සිදු වෙයි.
මන්නාරම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ ත්‍රිකුණාමලය සිට මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී. 40-50ත් පමණ වන අතර, විටින් විට පැ.කි.මී. 60-70ත් දක්වා වැඩිවීමේ හැකියාවක් පවතී.
සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී. 30-40ත් පමණ වන අතර, විටින්විට පැ.කි.මී. 50 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතින බවත්, එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බැවින් ධීවර සහ නාවුක ප්‍රජාව ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.