අයවැයේ ’හාම්පුතා’ IMF
මෙවර අයවැයෙහි 'හාම්පුතා' වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වන බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණෙහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
එසේම එම අරමුදලෙහි උපදෙස් මේ වනවිටද රට තුළ ක්‍රියාත්මක කෙරෙන බව කී ඒ මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් අදාළ උපදෙස් ක්‍රියාත්මක කිරීමට පාලකයන් යොමුව සිටින බවද පැවසීය.
කොළඹදී අද (24දා) පැවැති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් නානායක්කාර මහතා පෙන්වා දුන්නේ ජනතාවගේ ජීවන ප්‍රශ්න සඳහා විසඳුම් ලබාදීමට නම් විදේශවල පවතින ශ්‍රී ලංකාවට අයත් ඩොලර් රට තුළට රැගෙන ආ යුතු වන බවයි.
කෙසේ වුවද පාලකයින් එය සිදු නොකරන බවත් ඔවුන්ගේ 'මහ එවුන්' සතුව අදාළ හිමිකම් පැවතීම ඊට හේතු වී ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
popular news
-
Kumar Tuesday, 25 October 2022 01:17 AM
kathawa aththa. ohnaama bankuwakin naya ganna gunnawanam ema bankuwe condesi pilipadinna oney. ema condesi nusudusunam nayata mudal illana epaa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
