මධ්‍යම කදුකරයේ ඉහළ ජලාධාර ප්‍රදේශ වලට ඇදහැලෙන වර්ෂා තත්ත්වය හමුවේ බෝවතැන්න ජලාශයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යා හැකි හෙයින් විවිටන් විට අඹන් ගගට ජලය මුදා හැරෙන බව බෝවතැන්න ජලාශ භාර ඉන්ජිනේරු බුද්ධ නවරත්න මහතා කියයි
අද (25) උදෑසන කාලයේ සිට අඹන් ගග ඔස්සේ බෝවතැන්න ජලාශයේ වාන් ජලය මුදාහල බවත් ඒ අනුව අඹන් ගග හරහා ඉදිකර ඇති අඹන පාලම සහ අදාවල පාලම ජලයෙන් යටවිනි.
අද පස්වරුව වන විටත් බෝවතැන්න ජලාශයේ ජලය තත්ත්පරයට ඝන අඩි 19200 ක ජල ප්‍රමාණයක් අඹන් ගගට මුදා හැර ඇති බව ද ජලාශ භාර වාරි ඉංජිනේරු බුද්ධික නවරත්න මහතා කියා සිටියේය.
මේ හේතුවෙන් අඹන් ගග අවට පදිංචි ජනතාවට අඹන් ගග භාවිතයෙන් වැලකී සිටින ලෙසත් අඹන පාලම හරහා ගමනා ගමන කටයුතු වල නොයෙදෙන ලෙසත් බුද්ධික නවරත්න මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මිට අමතරව කලාවැව දෙපස පදිංචි කරුවන් ද දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් හෙතෙම අවධාරණය කර සිටියි.
අද පස්වරුව වන විටත් අඹන් ගග ඔස්සේ මොරගහකන්ද ජලාශයට ගලා බසින ජලය හේතුවෙන් අඹන පාලම ජලයෙන් යටවී තිබිනි.
මේ හේතුවෙන් අඹන,සේනාගම,නාලිය කනත්ත,ඕපල්ගල,මොරගොල්ල ආදී ගම්මාන වල ජනතාවට ගමනා ගමන පහසුකම් ඇහැරිනි.
උදෑසන කාලයේ බෝවතැන්න විදුලිබලාගාර ජල පිටවුම ආසන්නයේ පිහිටි ආදාවල පාලම ද ජලයෙන් යටවී තිබු අතර මේ වන විට එහි ජල මට්ටම පහත බැස ඇති අතර ඉහ ගම් සියල්ලේම ජනතාව විකල්ප මාර්ග ලෙස ආදාවල පාලම හරහා ගමන් කරන බව ද ඉංජිනේරු බුද්ධික නවරත්න මහතා වැඩි දුරටත් කියා සිටියේය.




නඋල- ඉන්දික අරුණ කුමාර