පසුදින පැවැත්වෙන ආච්චි අම්මාගේ හත් දවසේ දානයට වැඩ කටයුතු කරමින් සිටී සිටි 24 හැවිරිදි තරුණයෙකු ගේ සිරුර නිවසේ ගබඩා කාමරයේ එල්ලෙමින් තිබියදී ඉකුත්සො දිනයා ගත් බව මල්වතු හිරිපිටිය පොලිසිය කියයි.
පුවක්පිටිය ප්රදේශයේදරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූහරිත උදයංග නැමැති තරුණයාගේ සිරුර ලණුවක එල්ලෙමින් තිබියදී ඉකුත් දින මෙසේ සොයා ගෙන තිබිණ.
කුමන හේතුවක් මුල් කරගෙන මෙලෙස එම තරුණයා මිය ගොස් සිටියේ දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොතිබිණ.
මේ මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය ගම්පහ රෝහලේ හදිසි මරණ පරීක්ෂක ආර් ඩී එස් රාජපක්ෂ මහතා විසින් සිදු කරනු ලැබූ අතර එයගෙල වැළලා ගැනීමෙන් වූ මරණයක් බවට තීරණය කෙරිණ.
මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගැමුණු ගුණරත්න මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක තුසිත ප්‍රේමකුමාර මහතා සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.
කිරිඳිවැල උපාලි රණවීර