බලපිටිය හීනටිය පාරේ පැටිවත්ත ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ වෙඩි ප්රහාරයකට ලක්ව ඇත්තේ බලපිටිය මහලදූව ප්රදේශයේ පදිංචි පැට්ටා නමැති අයෙක් බවද පොලීසිය කියයි.
19න් පහළ ක්රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් මෙන්ම ක්රිකට් ක්රීඩකයෙක් වන ධම්මික නිරෝෂණ ඝාතනයේ ප්රධාන සැකකරු වන පැට්ටා මෙසේ වෙඩි ප්රහාරයකට ලක්ව තිබේ.
ධම්මික නිරෝෂණ ඝාතනයට අදාළව බලපිටිය අධිකරණයයේ විභාග වෙමින් පැවති නඩුවට සහභාගිවී කුලී ත්රීරෝද රථයකින් නිවසට යමින් සිටියදී මෙම වෙඩි ප්රහාරයට ලක්ව තිබේ.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ඔහුට වෙඩි තබා ඇති බවද පොලීසිය කියයි. අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

