අම්බලන්ගොඩ නගර සභාවේ ඉඩම් 128ක් පිටස්තරයින් සින්නක්කරව විකුණලා
සිය නගර සභාවට අයත්ව තිබූ ඉඩම් සහ දේපොළ 128ක් පමණ පිටස්තර පුද්ගලයින් කිසිදු බදු මුදලක් නොගෙවා වසර ගණනක් තිස්සේ පරිහරණය කරන බව නවතම සමීක්ෂණයකින් හෙලිවූ බව අම්බලන්ගොඩ නගර සභාව කියයි.
ඉඩම් 128 න් ඇතැම් ඉඩම් ඇතැම් අය සින්නක්කර විකුණා ඇතැයි ද මෙහිදී අනාවරණයවූ බවද එම නගර සභාව කියයි. සින්නකරට විකුණූ ඉඩම් අතර රුපියල් කෝටි ගණනක් වටිනා නගර මධයයේ ඇති ඉඩම්ද තිබෙන බවද එම නගර සභාව කියයි.
අම්බලන්ගොඩ නගර සභාවට අයත් ඉඩම් 128කට ඇතුල්වීම තහනම් යයි සඳහන් දැන්වීම් ගැසීමට ද එම නගර සභාව පියවර ගෙන තිබේ.
එම නගර සභාව අයත් දැනට සින්නක්කරයට විකුණා ඇති ඉඩම් ආපසු ලබා ගැනීමට නීතිමය කටයුතු කළ අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අසේල ගොඩහේවා මහතාට මරණීය තර්ජන පවා එල්ලවී තිබේ.මෙය සැලකිල්ලට ගත් අම්බලන්ගොඩ පොලීසිය අම්බලන්ගොඩ නගර සභාවේ නව සභාපති අසේල ගොඩහේවා මහතාට පොලිස් ආරක්ෂාව ලබා දීමට පියවර ගෙන තිබේ.ඒ අනුව ඒ මහතාගේ නිවසට සහ කාර්යාලයට පොලිස් ආරක්ෂාව ලබාදී ඇත.එමෙන්ම ඒ මහතා යන යන තැනට පොලිස් ආරක්ෂාව යටතේ යාමට ද සිදුව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

