යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු බලපිටිය රෝහල අසල දී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
මියගිය පුද්ගලයා අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේ වයස අවුරුදු 27ක පුද්ගලයෙකි. පසුගිය දිනවල අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම් වලට පළිගැනීමක් ලෙස ප්‍රතිවිරුද්ධ පාර්ශවයක් විසින් සිදුකරන්නට ඇති බවට සැක කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ටි 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ / කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත