අම්ෆන් සුළි කුණාටුවට හසුව ඉන්දුනීසියාවට ගසාගෙන ගොස් අතරමංව සිටි ආර්.එම්.එස් එක ධීවර යාත්‍රාවෙන් මුහුදු ගිය ධීවරයින් හත්දෙනෙකු දින දහඅටකට පසුව අද (29 )උදේ ඔවුන් මුහුදු ගිය අම්බලන්ගොඩ ධීවර වරායට පැමිණියහ.
මහ මුහුදේ සිය රැකියාව කරමින් සිටියදී අම්පන් සුළි කුණාටුව පිලිබදව ගොඩබිමින් ලැබුණු තොරතුරුවලට අනුව රැකියාව අතරමග නතර කර දමා තමන් ආපසු එමින් සිටියදී මේ කුණාටුවට හසුව ගසා ගෙන ගිය බව එම ධීවරයෝ පැවසූහ.
මේ සුළි කුණාටුව සමග පොරබදිමින් ගොඩබිමට පැමිණීමට උත්සාහ දරමින් සිටි තමන්ගේ යාත්‍රාව කුණාටුවට හසුව ඉන්දුනීසියාවටම ගසා ගෙන ගිය බවත් මේ වනවිට තමන්ගේ යාත්‍රාවේ ඉන්ධන හා කැම බීම අවසන්වී තිබූ බවත් පැවසූ ඔවුහු තමන් පත්ව ඇති අසරණ තත්ත්වය පිළිබදව සැලවීමත් සමගම ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් සිය යාත්‍රාව සොයාගෙන ඉන්දුනීසියාවට පැමිණ යාත්‍රාවට අවශ්‍ය ඉන්ධන හා ආහාර පාන ලබාදීමට කටයුතු කල බවද පැවසූහ .
ශ්‍රී ලංකා නාවික හමුදාව කළ මේ සත් ක්‍රියාව නොවන්නට තමන්ට ගොඩබිමට පැමිණීම සිහිනයක්ව පැවති බව පැවසූ එම ධීවරයෝ තමන්ට කළ මේ සත් ක්‍රියාවට ශ්‍රී ලංකා නාවික හමුදාවට සිය කෘතඥතාව පලකර සිටින බවද කීහ .