සම්මානනීය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නළු අමරසිරි කලංසූරිය මහතා අද (01දා) අභාවප්‍රාප්ත විය.
ඔහු 1969 වසරේ "රැයක් දවාලත්" චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි අතර "හන්තානෙ කතාව", "අක්කර පහ", "නිම් වළල්ල" "අහස් ගව්ව" "බඹරු ඇවිත්", "පොඩි මල්ලි", "අනූපමා" "අපේක්ෂා", "පරිත්‍යාගය" , "පෙම් රජ දහන" ආදී චිත්‍රපට රැසකට ඔහු රංගනයෙන් දායක විය.
ඔහු ශ්‍රී ලංකාවේ මුල්ම ටෙලි නාට්‍යය වන "දිමුතු මුතු" හි ජයසේනගේ චරිතයට පණ පෙවීය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන සම්මාන රැසකින් මෙන්ම විශ්වවිද්‍යාල කිහපයකින්ද ඔහු ඇගයීම් සම්මාන ලැබීය.